- කාලයාගේ ඇවෑමෙන් වහකෝට්යෙන් සංක්‍රමණය වු විශාල පිරිසකගේ වාසභූමිය අලගොල්ලෑවට පාසලක අවශ්‍යතාවය තදින් දැනුනේ ඒ වනවිට ආසන්නයේ කිසිදු පාසලක් නොවු බැවිනි.
- මෙම කතෝලික ගම අයත්වු යාපනය මීසම භාරව සිටියාපනයේ විසු රෝමාන් කතෝලික පාඨශාලා සාමාන්‍ය අධිකාරි තනතුර හෙබවු එම්මැනුවෙල් කතෝලික පියතුමා ගම්වැසියන්ගේ උදව් උපකාර ලැබ පිදුරු සෙවිලි කල කටමැටැ ගසන ලද කුඩා ගෙයක් වැව පාමුල ඉදිකොට ඇත.
- එය දේවස්ථානයක් වශයෙනුත් පාසලක් වශයෙනුත් භාවිතා කරන ලදි.
- එම මුල්ම පාසල ආරම්භ කරන ලද්දේ 1931.02.06 වන දින ළමුන් 05 දෙනෙකුගෙනි.
- අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පිටියේගොඩ නමින් හැදින්වෙන මහතෙකු මෙය පාසලක් වශයෙන් අනුමත කර ඇත.